Wednesday, June 3, 2020

Written on

මට අමිලගෙන් දරුවො නැහැයි කියලා අන්තර්ජාලයේ මඩක් යනවා - තේජා ජයවර්ධන

ටෙලි නාට්‍ය නළු අමිල අබේසේකරගේ බිරිය ගුවන් සේවිකා තේජා ජයවර්ධන සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ආරංචියක් සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසිද්ධියේ කතා කිරීමට තීරණය කර තිබේ.

දෙන්නාගේ විවාහයේ දරුවන් ප්‍රමාදවීම මුල් කරගෙන කිසියම් අයෙකු තේජා සමග අනියම් ඇසුරක් පවත්වන ආකාරයට ව්‍යාජ චැට් එකක් පතුරුවා හැර ඇති බව ඔවුන් කියා තිබේ.

තේජා නරක ගැහැණියක් ලෙසද දක්වමින් අමිලගේ නමටද හානියක් කරමින් මෙම කටයුත්ත සිදු කර ඇති බවත් ඒවා පිළිනොගන්නා ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.

Monday, June 1, 2020

Written on

මොහොමඩ් ජිෆ්රි සහ ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් විරසිංහ මහතාපාස්කු කොමිසම හමුවට!

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීම සඳහා තවත් පුද්ගලයින් දෙදෙනෙකු කැඳවා තිබේ.

ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් විරසිංහ මහතා සහ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් හුසේන් නැමති පුද්ගලයෙකු මෙලෙස සාක්ෂි ලබා දිම සඳහා කැඳවා ඇති බව සඳහන්.

Written on

🎥 මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි!

කොරෝනා ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වු කුවේට්වල සිට පැමිණි පිරිමි පුද්ගලයෙකි.

Written on

ත්‍රීපෝෂ කම්හල සම්පූර්ණයෙන්ම වසා දැමේ!

බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇති බව වාර්තා වෙනවා.

එහි සේවය කළ සේවකයන් 300 කට ආසන්න පිරිස මේ වනවිට කම්හල වසා දමා තිබීම හේතුවෙන නිවෙස්වල රැදී සිටින බවත් මේ තත්වය සති 3ක් තිස්සේ පවතින බවත් සඳහන්.
Written on

සමඟි ජන බලවේගයේ කිසිදු සාමාජිකයෙකුට එරෙහිව නීතිමය පියවර ගන්න බෑ!

සමඟි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා ස්ථීරත්වයෙන් ආරම්භ වූ වැඩසටහනක් බැවින් එහි කිසිදු සාමාජිකයෙකු සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපාදන නොමැති බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉදිරියේ දී නීත්‍යානුකූලව එම කරුණ ඔප්පු කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Written on

IOC සමාගම සතු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 25ක් මෙරටට ගන්න ඉන්දීය රජයෙන් ඉල්ලීමක්

ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්දියාව සතුව පවතින තෙල් ටැංකි 25ක් ශ්‍රී ලංකා රජයට ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් අදාළ ඉල්ලීම සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

Saturday, May 30, 2020

Written on

🎥 රාජිතට නිදහස ඉල්ලා සත්‍යග්‍රහයක්!

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිදහස් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයක් පවත්වා තිබේ.

ඊයේ (29) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී එම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණේ රාජිත සේනාරත්න මහතාගේ උපන් දිනයට සමගාමීවයි.
Written on

දෙහිවල දේවස්ථාන පාස්කු ප‍්‍රහාරයෙන් බේරුණ ඈත්ත කතාව මෙන්න

දෙහිවල ප‍්‍රදේශයේ සියලූ කතෝලික දේවස්ථානවලට ආරක්ෂා සපයා තිබූ බැවින් 2019 අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු දින එල්ල කළ බෝම්බ ප‍්‍රහාරවලින් එම දේවස්ථාන ආරක්ෂා වූ බව ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී එච්.ඒ.ඞී සමන් උදයකුමාර ජයසේකර මහතා පාස්කු බොම්බ ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ 28දා පැවසීය.

දෙහිවල සහ කොහුවල යන ප‍්‍රදේශ භාරව රාජකාරි කටයුතු කළ අදාළ නිලධාරියා නිවාඩු ලබා ගෙන තිබූ එම අවස්ථාවේදී තමන් විසින් එම රාජකාරිය ආවරණය කිරීමට කි‍්‍රයා කළ බව පැවසූ ඒ මහතා තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ පොලිස් මුරපොළක් පවා ස්ථාපිත කර තමන් විසින් එහි කටයුතු නිරීක්ෂණය කිරීමට පවා කටයුතු කළ බවයි.

Friday, May 29, 2020

Written on

සරත් ෆොන්සේකාව අද CCDයට කැඳවයි! අත්අඩංගුවට ගනීද?

මෙරට කොරෝනා වෛරස් තත්වයට අදාළව මහජනතාව කැළඹීමට පත්වන අයුරින් අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අද (29) දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) හමුවේ පෙනී සිටින මෙන් දැනුම් දී තිබේ. 

කොරෝනා රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බවට පසුගිය මාර්තු 18 වනදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට මෙසේ CCDයට කැඳවා ඇති බව සඳහන්. 

මෙසේ මාධ්‍ය හමුවකදී කොරෝනා ආසාදිතයින් පිළිබඳව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ (28) දිනයේදී රක්ෂිත බන්ධනාගාරගතව සිටින රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. 

Thursday, May 28, 2020

Written on

රට පුරාම ඇදිරි නීතිය! නවතම නිවේදනය මෙන්න!

ජුනි 6 සෙනසුරාදා දක්වා සහ ඉන් පසුව රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ මෙසේ ය.

මැයි 31 ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.

ජූනි 01 සදුදා සිට ජූනි 3 බදාදා තෙක් සියලු දිස්ත්‍රික්ක ඇඳිරි නීතිය හිටිය බල පවත්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වාය.
Written on

ගුවන් අනතුරින් මියගිය පාකිස්තාන නිරූපිකාව ගැන විවේචන!

පාකිස්තානු නිරූපිකාවක් සහ නිළියක් වන සාරා අබීඩ්, මෑතකදී සිදු වූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ. මරණයට පත් 97 දෙනෙකුගෙන් එක් අයෙකු වන ඇයව සහ ඇගේ වෘත්තිය ආගමික සම්ප්‍රදායිකයින් විසින් අන්තර්ජාලය හරහා ලැජ්ජාවට පත් කර ඇත.

පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය විසින් මෙහෙයවන ලද මෙම යානය මැයි 22 වන දින කරච්චිහි ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපල අසලදී අනතුරට ලක්ව විය. මෙම ගුවන් අනතුරින් ඉතිරි වී ඇත්තේ දෙදෙනෙකු පමණක් බව ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් වාර්තා කර තිබුණි.

එමෙන්ම ඒපී විසින් වාර්තා කර ඇත්තේ මේ වන විට හඳුනාගෙන ඇති මළ සිරුරු සංඛ්‍යාව 19 ක් වන බවයි. සති අන්තයේ පැවති ඊද් උල්-ෆිතර් සැමරුම සඳහා මෙම ගුවන් යානයේ බොහෝ මගීන් ගමන් කර ඇත.
Written on

සජිත් ඇතුළු 102ක් එජාපයෙන් නෙරපෙන ලකුණු!

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙයි.

පළාත් පාලන නියෝජිතයින්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ඊට ඇතුළත්ය.
Written on

🔥 ඊයේ (27) වැඩිම දවසේ ආසාදිතයින් - 150

මෙරටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ (27) දිනයේ වාර්තා වී තිබේ.

ඒ ඊයේ දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 150 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 1469 දෙනෙකු හඳුනාගෙන තිබේ.

More News