Sunday, January 1, 2017

Written on

චතුරිකා සහ ගයාන්ට දරු සුරතල්

මින් කාලයක පෙර සිට එකට දිවි ගෙවීම ආරම්භ කළ ගයාන් චතුරිකා ටෙලි නාට්‍ය රංගන ශීල්පීන් යුවළ විවාහ වන බවට කලින් කලට ප්‍රකාශ සිදු කළත් තවම එය ඉටුවී නැත.

නමුත් මේ වනවිට ඔවුන් දරු සුරතල් බැලීමේ වරම හිමි කරගෙන තිබේ. චතුරිකාගේ නිවසට පැමිණි මේ සිඟිති අමුත්තා නිසා ඇගේ ජීවිතය වෙනස්වූ බව ඇය සති අන්ත පුවත්පතකට හෙළිදරව් කර තිබේ.

චතුරිකා සමග එක්වන විටත් දෙදරු පියෙකුව සිටි ගයාන්ගේ සිඟිති පුතුන් දෙදෙනා පසුගිය කාලයේ ගයාන්ගේ පෙර බිරිය සමග කාලය ගත කළ අතර මේ වනවිට සිදුව තිබෙන්නේ එම දරු දෙදෙනාගෙන් වැඩිමල් පුතණුවන් ගයාන් චතුරිකා කැදැල්ලේ ස්ථිර පදිංචියට පැමිණීමය.


ඒ අනුව එම පුතු සමග සුරතල් වෙමින් එම දරුවාට මවකගේ සෙනේහය පුදමින් සිටින බව චතුරිකා හෙළිදරව් කර තිබේ.

 මේ වනවිට ටෙලිනාට්‍ය වැඩ වලින් තරමක් ඈත්ව පිටකෝට්ට ප්‍රදේශයේ බොබී හවුස් නමින් විලාසිතා සාප්පුවක් පවත්වා යන චතුරිකාට නීතියෙන් විවාහ වන්නටත් පෙරම දරු සුරතල් බැලීමේ වාසනාව ඒ අනුව හිමිව තිබේ.

ගයාන් ඔහුගේ බිරිය හා දරුවන් අතැර ගිය පසුව ඔහු දරුවන්ට නොසලකන බව කියමින් ඔහුගේ පෙර බිරිය නීතිය හමුවටද ගොස් තිබුණ කාලයක් තිබුණි. ඉන් අනතුරුව අධිකරණය ඔහුට නඩත්තු ගෙවීමට නියම කළද ඔහු ඒවා හරිහැටි ගෙවුවේ නැතැයි ඇය නැවත ආයාචනා කර තිබුණ අතර මෙම වෙනස සිදුව ඇත්තේ එම ප්‍රශ්න වලින් අනතුරුවය.

මින් ටික දිනකට පෙර ගයාන් සිය දරු දෙදෙනාම චතුරිකා සමග වාසය කරන නිවසට කැඳවාගෙන ඇවිත් තිබෙන අතර පසුව ටික දිනකින් පොඩි පුතු නැවත මවු ළඟට ඇරලවා වැඩිමල් පුතු සන්තකයේ තබාගෙන ඇත.

මේ ගැන චතුරිකා පුවත්පතකට කියා තිබුනේ මෙසේය.

මේ දවස්‌වල ගයාන් - චතුරිකාගේ කැදැල්ලට අලුත් අමුත්තෙක්‌ ඇවිත් කියන්නේ ඇත්තද?

අමුත්තෝ දෙන්නම හිටියා. ඒ වුණාට අනෙක්‌ අමුත්තා ටික දවසකට කලින් හිටපු තැනටම ගියා. දැන් ඉතිං ලොකු පුතා තමයි අපිත් එක්‌ක ඉන්නේ. එයා අපිත් එක්‌ක ඉන්න ගොඩාක්‌ කැමැතියි. අපි තුන්දෙනා හරිම සැහැල්ලුවෙන් ඉන්නවා. ගයාන් නැතිවෙලාවට ලොකු පුතා මාව හොඳට බලාගන්නවා. එයා මගේ පස්‌සෙන්මයි. මට පාළුවක්‌ නැහැ. 

More News