Thursday, April 27, 2017

Written on

පළමු කසාදය අවසන් කරන්න ඩිල්ෂාන් කරපු දේවල් හෙළි කරයි


01


තිලකරත්න ඩිල්ෂාන්ට පසුගිය 24 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළා.ඒ අනුව ඔහු නීතීඥයෙකු මගින් මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට භාර වුණා.
ඔහුට එලෙස වරෙන්තු නිකුත් කෙරුණේ නීතිඥවරයා නඩු දිනය නිවැරදිව සටහන් කර නොගැනීම නිසා බව සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩත්තු නඩුවකට පෙනි නොසිටිම හේතුවෙනුයි මහෙස්ත්‍රාත්වරයා වගඋත්තරකාර ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න ඩිල්ෂාන්ට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ.
අධිකරණයට භාර වීමෙන් අනතුරුව නිකුත් කළ නියෝගය අහෝසි කර නැවත ඊළඟ නඩු දිනයට උසාවියේ පෙනී සිටින ලෙසත් අධිකරණය පැවසූ බවයි ඩිල්ෂාන් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දිල්ෂාන් පැවසුවේ තමා පළමු කසාදයෙන් නිත්‍යානුකූලව වෙන් වනු ලැබුවේ අදාළ කාන්තාවට ලක්ෂ 300 ක මුදලක් ලබාදීමෙන් බවත් මිට අමතරව දරුවා වෙනුවෙන් 40,000 මුදලක් ලබා දෙන බවයි.
කෙසේ වෙතත් අදාළ කාන්තාව ඉල්ලන පරිදි තමා මහන්සියෙන් ඉපැයූ මුදල් නිකරුනේ දිය නොහැකි බවත් දිල්ෂාන් සඳහන් කළා.

More News