Monday, June 1, 2020

Written on

ත්‍රීපෝෂ කම්හල සම්පූර්ණයෙන්ම වසා දැමේ!

බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇති බව වාර්තා වෙනවා.

එහි සේවය කළ සේවකයන් 300 කට ආසන්න පිරිස මේ වනවිට කම්හල වසා දමා තිබීම හේතුවෙන නිවෙස්වල රැදී සිටින බවත් මේ තත්වය සති 3ක් තිස්සේ පවතින බවත් සඳහන්.

මැයි මස මුල් සතියේ බඩඉරිඟු සදහා රුපියල් 55ක පාලන මිලක් නියම කරන්නට රජය පියවර ගනු ලැබුවා.

නමුත් ඒ වනවිට ත‍්‍රිපෝෂ ආයතනය ටෙන්ඩර් කැදවා මිලදී ගනිමින් තිබුණේ රුපියල් 58 බැගින්.

පාලන මිල නියම කිරීමත් සමඟ එම මිලට ගැලපෙන පරිදි ටෙන්ඩර් කැදවීමට ආයතනයට යළි සිදුවූ අතර මේ වනවිට දෙවතාවක් ටෙන්ඩර් කැදවූ නමුත් තවමත් කිසිවෙකු රුපියල් 55 ට ආසන්න මිලකට ටෙන්ඩර් පත‍්‍රිකා ඉදිරිපත් නොකළ බව ත‍්‍රිපෝෂ කම්හලේ නිලධාරියෙක් කියා සිටියේ.

මේ හේතුවෙන් සති දෙකක් පමණ තිස්සේ බඩඉරිඟු නොමැතිවීම හේතුවෙන් ති‍්‍රපෝෂ හා සුපෝෂ නිපදවීම මේ වනවිට සම්පූර්ණයෙන් නැවතී ඇති බවත් ඉදිරියේ දී ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට දෙන ත‍්‍රීපෝෂ නවතිනු ඇති බවත් ඔහු පැවසුවා.

More News