Thursday, January 12, 2017

Written on

දුවගේ ප්‍රේමයට තිත තියන්න තාත්තා මාළු කපන පිහිය පාවිච්චි කරලා

කොටවිල වරකාපිටිය ප්‍රදේශයේ පියකු විසින් මාළු කපන පිහියකින් විසි එක් හැවිරිදි දියනියක් කපා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටවිල පොලීසිය විසින් හතළිස හය හැවිරිදි පියා පෙරේදා (10දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

තුවාලකාරිය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇත.

තුවාලකාරිය පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත්, ඇගේ මවුපියන් විරුද්ධ වී ඇති අතර, පසුව ඇය වෙනත් ප්‍රදේශයක නතර කර ඇති අතර, ඇය විසින් මේ බව සම්බන්ධකම් පැවැත් වූ අයට දැනුම් දී ඇති බවත්, පසුව ඔහු ඇය ඔහුගේ නිවෙසට ගෙන ගොස් ඇති බවත් කියති.


මේ බව දැනගත් තුවාලකාරියගේ පියා එම නිවෙසට ගොස් දියණියට බැනවැදී ඇති බවත් පසුව සැකකාර පියා ගොස් මාළු කපන පිහියක්ද රැගෙන නැවත පැමිණ කුලී නිවෙසක් බැලීමට යෑමට එන ලෙසට දෙදෙනාටම කතා කර ඔවුන් කැදවාගෙන ගොස් අනතුරුව දියණියට පහරදී තුවාල සිදුකර ඇති බවටද වාර්තා වෙයි.

කොටවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

More News