Sunday, March 19, 2017

Written on

සමනලීගේ සැබෑ වුණ ප්‍රේමය

රියැලිටි ෂෝවල විනිශ්චය මණ්ඩලයට සමනලී කියන්නේ අලුත් මුහුණක්. මේ වගේ අවස්ථාවක් ලැබුණේ කොහොමද?



පසුගිය දවස්වල සමනලී ගොඩක් කාර්යබහුලවෙලා හිටියා නේද?
ඔව්. ITN Youth with Talent වැඩසටහන නිසා කාර්යබහුල වුණා. මීට දවස් කීපයකට කලින් අවසන් තරගයත් තිබුණා. ඒ නිසා ඒ වැඩකටයුතු නම් ඉවරයි. 'රූමස්සල' කියන ටෙලි නාට්‍ය රූගත කිරීම් වගේම 'ප්‍රේමය නම්' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලටත් සහභාගි වෙන නිසා ටිකක් කාර්යබහුලයි.
ඔව්. ඒ විනිශ්චය මණ්ඩලයට එකතු වෙන්න මට ධ්ඊව් එකෙන් කතා කළා. මම මෙගා නාට්‍ය කරන්නෙත් තෝරා බේරාගෙන. ඉතින් ඒ නිසා මේ වැඩේට සම්බන්ධ වෙන්න මට වෙලාවක් තිබුණා. ඒ වගේම මේ තරගය සින්දු කියන නර්තන අංගවලට සීමා වෙන්නැති තරගයක් නිසා මම කැමති වුණා. මමත් මේ තරගය ඥදණධර කළා. චිත්‍රපටයක් කරනවා තරම් මම මේක රස විඳින්නෙ නැහැ. ඒත් මම මේ
වැඩේට කැමතියි.

සමනලීව මේ දවස්වල කතාබහට ලක් වෙන්නේ 'ප්‍රේමය නම්' චිත්‍රපටය නිසා?
ඔව්. ඇත්තටම ප්‍රේමය නම් චිත්‍රපටය ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වෙයි. මානසික ව්‍යාකූලත්වයකින් පෙළෙන පුද්ගලයෙක් ගැන ලියැවුණු චිත්‍රපට ලංකාවෙ හරිම අඩුයි. මේක හරිම සරල කතාවක්. ප්‍රේක්ෂකයාව ලොකු ව්‍යාකූලත්වයකට ගෙනියන්නේ නැහැ. ඒත් චිත්‍රපටයේ චරිත සංකීර්ණයි. ඒ සංකීර්ණත්වය තියෙන්නේ ඇතුළෙයි.
ඒ සංකීර්ණත්වය එක්ක සමාධිගේ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න ඔබ මහන්සි වෙන්න ඇති?
ඔව්. මං කලින් කිව්වා වගේ කතාව සරල වුණත් ඒක ඇතුළෙ සංකීර්ණ බව පෙන්නන්න රංගනයෙ යෙදෙන්න මහන්සි වුණා. මනෝභාවයන් පෙන්නන සියුම් අවස්ථා නිරූපණය කරන්න ටිකක් මහන්සි වුණා. ඩයලොග්ස් වැඩිය තිබුණෙ නැහැ. ඉරියව්වලින් ඒවා පෙන්නන්න වුණ නිසා ඒ චරිතය මට අභියෝගයක් වුණා. මම තනියමත් මගේ චරිතයේ රංගනය ගැන හිතුවා. අධ්‍යක්ෂවරයාගෙන් වගේම අනෙක් අයගෙනුත් මට හොඳ සහායක් ලැබුණා.
කෙළිලොල් පෙම්වතියගේ චරිතයත්, බිරියකගේ චරිතයත් කියන චරිත දෙකම එකම චිත්‍රපටයේ නිරූපණය කිරීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද?
සමාධිගේ චරිතය අතීතය, අනාගතය හා වර්තමානය විදියට වෙන් වන අවස්ථා මට මතකයි. චරිතය වෙනස් වෙන්නේ කොයි වෙලාවෙද කියන එක මම ලයින් එකකින් වෙන් කරලා තියෙන්නේ. සමාධිට ශ්‍යාම්ව හම්බවෙන්නේ පෙම්වතෙක් විදියට. විවාහ වුණාට පස්සේ ශ්‍යාම්ගේ හැසිරීම සමාධිට දරාගන්න අමාරුයි. ඒ ප්‍රශ්නත් එක්ක අනාගතේ ගොඩනඟන්නේ කොහොමද? ආදරෙන් හැසිරෙන විදිය. හැඟීම් ප්‍රකාශනයෙන් ඉදිරිපත් කරන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ. ඉතින් ඒ චරිතය කරන්න මම උපරිමයෙන් කැපවුණා.
චිත්‍රපටය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් අය 'ප්‍රේමය නම්' චිත්‍රපටය බලලා තිබුණා. ඒ වගේම මගේ රංගනයට සුබ පැතුවා. ලංකාවේ සිනමාහල්වලින් අෑත්වෙලා හිටිය ප්‍රේක්ෂකයන්ට හොඳ නිර්මාණයක් බලන්න අවස්ථාවක් ලැබුණ එක ගැන ප්‍රවීණයන් අගය කළා. ගොඩාක් හොඳ ප්‍රතිචාර මේ නිර්මාණයට ලැබෙනවා.
අපි සිනමාවේදී සමනලීව දකින්නේ වෙනස් විදියෙ චරිතවලින්. සමනලී වෙනස් හැඩයක් පෙන්වන්නද මේ වගේ තෝරාගැනීමක් කරන්නේ?
එහෙම නැහැ. අභියෝගයක් වෙන චරිතවලට මං කැමතියි. ප්‍රේක්ෂකයොත් ඒ අලුත් අත්දැකීමට කැමතියි. මගේ වෘත්තීය මට්ටම පවත්වාගන්නත් ඒක වැදගත්. ශ්‍යාම් වගේ දක්ෂ රංගන ශිල්පීන් එක්ක අත්දැකීම් බෙදාගන්නත් මම කැමතියි. ඉතින් ඒ වෙනස මගේ චරිතවලින් ප්‍රේක්ෂකයන්ටත් දැනෙනවා.

සමනලී කියන්නේ සිනමාවේ වුණත් නිතරම දකින්න ලැබෙන නිළියක් නෙවෙයි?
ලංකාවේ සිනමා නිර්මාණ කරන්නෙත් අඩුවෙන්. මට ගොඩක් වැඩවලට ආරාධනා ලැබෙන්නෙත් නැහැ. ආරාධනා ලැබෙන නිර්මාණවලිනුත් මම තෝරා ගන්නෙ ටිකයි. ඒත් ඉස්සර නම් මට නිතරම සිනමාවට වගේම ටෙලි නිර්මාණවලටත් ආරාධනා ලැබුණා. ඒ කාලෙ මම සීමාවක ඉඳන් තමයි තෝරා ගත්තේ. ඒ නිසා ඒ අය මගේ තේරීම දන්න නිසා දැන් ආරාධනා කරන්නෙ අඩුවෙන්.
මේ අතරතුර සමනලී-ඉන්ද්‍රචාප විවාහ වුණා කියලා සුබ ආරංචියක් දැනගන්න ලැබුණා. මේ ගැනත් කියමු?
ඔව්, ඉන්ද්‍රචාපයි මමයි විවාහ වුණා. එයා මගේ පොඩි කාලෙ ඉඳන් යාළුවෙක්. අවුරුදු 20ක විතර ඉඳන් අපි හඳුනනවා. මම කලින් විවාහයෙන් වෙන් වුණා. හොඳ අවබෝධයකින් තමයි ඒ තීරණය ගත්තේ. එයා අදටත් මගේ හොඳ යාළුවෙක්.
සමනලීගේ ගායනා හැකියාව ගැන මේ දවස්වල සමාජ මාධ්‍යවල කතා වෙනවා?
ඔව්. මම Programe වල ගායනා කළ ගීත දැකලා සමහරු මගෙන් ඇහුවා ඒ ගැන. මම ගායනය වෘත්තීය මට්ටමින් කරන්නෙ නැහැ. එක රේන්ජ් එකක ගීත විතරක් මට කියන්න පුළුවන්. ගායනයට ලොකු හැකියාවක් නැහැ. ඒ වගේම මම හැදෑරීමක් කරලත් නැහැ. විනෝදාංශයක් විදියට තමයි ගයන්නේ. ගොඩාක් අය ඒ ගීතවලට කැමතියි කියලා කිව්වා.
සමනලී ගීතයක් නිර්මාණය කළා නේද?
ඔව්. මගේ යාළුවෙක් තමයි මෙලඩි එකත් කළේ. රුවන් වල්පොළ, කෞශල්‍ය කුමාරසිංහ මගේ 'සමනලුන්' කියන ගීතය කරන්න එකතු වුණා. මේ ගීතය කරලා දැනට අවුරුදු 4ක් විතර වෙනවා. ඒත් මම වෘත්තීය මට්ටමින් නම් ගීත ගයන්නෙ නැහැ.
සමනලී වේදිකාවට සමු දීලද?
2010න් පස්සේ මම වේදිකා නාට්‍ය කළේ නැහැ. මම විදෙස්ගත වෙලා හිටිය නිසා ඒ වැඩ මඟහැරුණා.
ඒත් ලංකාවට ආවට පස්සෙ මට චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබුණත් මට ඒ වැඩ ගැළපුණේ නැති නිසා මං ඒ ගැන උනන්දු වුණේ නැහැ. ඇත්තටම වේදිකාවෙත් මම රාමුවක හිටියේ. අස්වාභාවික චරිත කරන්න මම කැමති නැහැ. ඒක මගේ ප්‍රශ්නයක්. ඒකත් වේදිකාවෙන් අෑත් වෙන්න බලපෑවා. මම අන්තිමට කළේ 'මේ හීනයට නමක් දෙන්න' වේදිකා නාට්‍යයේ. ඒත් මම ඉදිරියේදී වේදිකාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවා.
ප්‍රේමය නම් චිත්‍රපටය කරලා අවුරුදු හතරක් විතර ගියානෙ. ප්‍රේක්ෂකයො අතරට එන්න සමනලීගෙ අනිත් සිනමා නිර්මාණවලටත් මේ වගේ විරාමයක් ලැබෙයිද?
ඒක නම් ඉතින් කියන්න අමාරුයි. තව මගේ චිත්‍රපට 4ක් විතර එන්න තියෙනවා. බුඩී කීර්තිසේනගේ නිම්නයක හුදකලාව, සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන්, චින්තන ධර්මසේනගේ ඇවිළෙන සුලුයි. මාලක දේවප්‍රියගේ බහුචිතවාදය චිත්‍රපට හතරම එන්න තියෙනවා. ඇවිළෙන සුලුයි චිත්‍රපටයෙත් මට ශ්‍යාම් එක්ක රඟපාන්න තියෙනවා. දැවෙන විහඟුන් චිත්‍රපටයත් ජාත්‍යන්තර සම්මාන ලබා ගත්තා. අනෝමා ජිනාදරීගේ දක්ෂ රංගනයක් අපිට මේ නිර්මාණයෙන් දැකගන්න පුළුවන්.
ශාලිකා රංගනී සමරදිවාකර

More News