Sunday, May 7, 2017

Written on

වයස ආදරයට බාධාවක් නෙමෙයි – බුකිය හෙල්ලූ පුබුදුගේ පෙම්වතිය දැන් කියන කතාව මෙන්න


රංගන ශිල්පී පුබුදු වීරරත්නගේ පෙම්වතිය එනම් මාෂි සිරිවර්ධන පිළිබදව පසුගිය දිනවල සමාජ මාධ්‍යවල විවිධ අදහස් පලවුනා.
ඒ ඇය NSBM ආයතනයේ අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළදීමත් සමගයි.
ඇය සති අන්ත පුවත් පතකට ප්‍රකාශයක් ලබාදෙමින් මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

පුබුදුගේත් ඔබේත් වයස් පරතරය ටිකක් වැඩියි නේද?
වයස් පරතරය අපි දෙන්නාගේ ආදරයට කොහෙත්ම බාධාවක් නෙමෙයි. මගේ අම්මයි තාත්තයි අතරෙත් ලොකු වයස් පරතරයක් තියෙනවා. පුබුදු අයියගේ අම්මයි තාත්තයි අතරෙත් අවුරුදු 13 පරතරයක් තියෙනවා . මම හිතන්නේ වයස් පරතරය වැඩි වුනාම ආදරය රැකවරණය වැඩියි. හොද අවබෝධයක් ඇතිවෙනවා. මම හිතන්නේ මේක ජීවිතේ ගත්ත හොදම තීරණය.
කොහොමද ආදර කතාව පටන් ගත්තේ?
මට මුලින්ම පුබුදු අයියව හම්බ වුනේ අපේ පාසලේ තිබ්බ උත්සවයකදි. මීට කලින් අහල තිබ්බට එයාව දැකලා තිබුනෙ නෑ. එදා පුබුදු අයියට මාර විදිහට ප්‍රතිචාර තිබ්බා. එදා අපේ ඉස්කෝලේ ලස්සනම යුවතිය තෝරන තරඟයක් තිබ්බේ. මම තමයි ජයග්‍රහණය කලේ. පුබුදු අයියා තමයි මට කිරුළ පැළදුවේ. එදා මම අයියා එක්ක ෆොටෝ එකක් ගත්තා. තාම ඒක තියෙනවා මගේ ලඟ.
ආදරයට දැන් කොච්චර කල්ද?
අපේ ආදරයට දැන් අවුරුදු 4යි.
ජනප්‍රිය නලුවෙක් නිසාද ඔහුව ආදරවන්තයා කර ගත්තේ.
අනේ නෑ.. මම එයාට ආදරය කලේ පුද්ගලිකව. නලුකම කියන්නේ එයාගේ රැකියාව. අයියගේ ගතිගුණවලට මම ගොඩක් කැමති. ඒ දේවල් වලින් තමයි අපේ ආදරේ ගොඩ නැගුනේ.
පුබුදු වෙනත් නිළියන් එක්ක රගපාද්දි ඊරිසියාව නැද්ද
අනේ නෑ. කවදාවත් නැ. මම කියනවා ඊට වඩා හොදට ළං වෙලා ඒක කරන්න තිබ්බනේ කියලා. මම දන්නවා ඒක රංගනයක් කියලා. රංගනයයි සැබෑ ජීවිතේයි කියන්නේ දෙකක්. ඒක මට තේරෙනවා.
දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද?
තාම එහෙම නැ. මගේ විශ්වවිද්‍යාලයේ කටයුතු ඉවරවෙලා නෑ. ඒ දේවලුත් තියෙනවා.

More News