Monday, April 10, 2017

Written on

IPL අතහැර බංගලාදේශයට එරෙහි වූ මාලිංග අද ශාරුක්ගේ කණ්ඩායමට වැඩ පෙන්වන්න එයි?


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ලසිත් මාලිංග ක්‍රිඩා කිරීමට නියමිත පළමු තරගය අද (09) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති විස්සයි 20 තරගාවලිය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියේ ආරම්භක තරගය මාලිංගට අහිමි වුණා.

අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද වෙන මාලිංගට අද පැවැත්වෙන තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ස්ථානයක් හිමිවෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
අසේල ගුණරත්නද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතත් ඔහුට අද තරගයේදී ස්ථානයක් දිනා ගැනීමට පවතින්නේ අවම ඉඩක් බවද වාර්තා වෙනවා.
ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් වීම හේතුවෙන්.
ලසිත් මාලිංග පුහුණුවීම් සිදු කරන වීඩියෝවක්ද මුම්බායි ඉන්දියන්ස් නිල ෆේස්බුක් පිටුවට මේ වන විට එක් කර තිබෙනවා.

More News