Friday, May 29, 2020

Written on

සරත් ෆොන්සේකාව අද CCDයට කැඳවයි! අත්අඩංගුවට ගනීද?

මෙරට කොරෝනා වෛරස් තත්වයට අදාළව මහජනතාව කැළඹීමට පත්වන අයුරින් අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අද (29) දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) හමුවේ පෙනී සිටින මෙන් දැනුම් දී තිබේ. 

කොරෝනා රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බවට පසුගිය මාර්තු 18 වනදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට මෙසේ CCDයට කැඳවා ඇති බව සඳහන්. 

මෙසේ මාධ්‍ය හමුවකදී කොරෝනා ආසාදිතයින් පිළිබඳව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ (28) දිනයේදී රක්ෂිත බන්ධනාගාරගතව සිටින රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. 

වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව විපක්ෂයෙහි ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම විවිධ චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කළ අතර රාජිත සේනාරත්න මහතා තවමත් සිටින්නේ එහිය. 

රාජපක්ෂවරුන්ගේ බලවත් කෝපයට පාත්‍රවී සිටින චරිතයක් වන සරත් ෆොන්සේකා මහතාව මීට පෙර, 2010 ජනාධිපතිවරණයෙන් පසු අත් අඩංගුවට ගැණුනු අතර ඒ මහතාට වසර දෙකකට ආසන්න සිර දඬුවමක් ද ගෙවීමට සිදුවිය.

More News