Thursday, October 11, 2018

Written on

ලොව ධනවත්ම පුද්ගලයා ජෙෆ් බෙසෝස්ට ගණිතය ඉගැන්වූ ශ්‍රී ලාංකිකයා

"ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මම සිකියුරිටි රැකියාවක් කළා, මගේ වියදම් හොයා ගන්න" එසේ පවසන්නේ, දැනට ලෝකයේ ධනවත් ම පුද්ගලයාට ගණිතය කියා දුන් ශ්‍රී ලාංකිකයෙකි.

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසෝන් (Amazon) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස්ට ගණිත ගැටලු විසඳා ගැනීමට සහාය වූ ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳව පසුගිය දිනවල ලෝකයේ අවධානය යොමු විය.

ඒ, ජෙෆ් බෙසෝස් ඔහු පිළිබඳව සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කිරීම හේතුවෙනි. ඔහු නමින් යසන්ත රාජකරුණානායකය.

අමෙරිකාවේ වොෂින්ටන්හි පැවති The Economic Club සම්මුඛ සාකච්ඡාවේදී ජෙෆ් බෙසෝස්, යසන්ත රාජකරුණානායක පිළිබඳව පළ කළ අදහසේ සිංහල පරිවර්තනය මෙසේ ය.

"අපිට විසඳන්න ගණිත ගැටලුවක් තිබුණා. ඒක හරිම දුෂ්කර එකක්. පැය තුනක් විතර මම මගේ තවත් යාළුවෙක් එක්ක ඒක විසඳන්න උත්සහ කළා. ඒත් බැරි වුණා. ඊට පස්සෙ අපි තීරණය කළා යසන්ත හම්බ වෙන්න. එයා තමයි ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ හිටිය දක්ෂතම ශිෂ්‍යයා," ජෙෆ් බෙසෝස් පැවසීය.

"අපි යසන්තගේ කාමරයට ගියා. එයා ශ්‍රී ලාංකිකයෙක්. එයාගෙ නමට පේළි තුනක් තිබුණා. එයා ගොඩක් නිහතමානී හරිම හොඳ කෙනෙක්. අපි අර ගණිත ගැටලුව එයාට පෙන්නුවා. එයා ටික වෙලාවක් ඒක දිහා බලාගෙන ඉඳල පිටු තුනක් පිරෙන්න ලියල අපිට ඒක පැහැදිලි කරල දුන්න. මම ඒ වෙලාවෙ පුදුම වෙලා ඇහුව - යසන්ත ඔයා මේක ඔයාගෙ ඔළුවෙන් ද හැදුවෙ කියල. අපිට හිතාගන්නවත් බැරි වුණා. එයා කිව්ව, අවුරුදු තුනකට කලින් මේ වගේ ගණනක් මම හැදුව ඒක ගැන හිතලයි මේක හැදුවෙ කියල. මම එදා තමයි තීරණය කළේ, ඒ විෂය මට ගැලපෙන්නෙ නෑ කියල."

ජෙෆ් බෙසෝස් පුදුමයට පත් කළ මේ ශ්‍රී ලාංකික 'ගණන්කාරයා' කවුරුන්ද යන්න පසුව අනාවරණය වුවත් ඔහු මෙතෙක් පැමිණි ගමන් මග දන්නා අය අල්පය. බීබීසී සිංහල සේවය ඔහු සමග සංවාදයක යෙදුණේ, ශ්‍රී ලංකාවට ආඩම්බරයක් වූ යසන්ත රාජකරුණානායක පිළිබඳව සියලු දෙනාට හඳුන්වා දීමේ අරමුණිනි.

More News