Tuesday, May 26, 2020

Written on

කුවේට් සිට පැමිණි 90කට කොරෝනා

කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉකුත් 19 දින කුවේටයේ සිට පැමිණි පිරිසට කටුනායක ගුවන් තොටුපළ තුළ දී අවශ්‍ය සේවා සැපයූ ගුවන් තොටුපළ සේවකයින්, සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ හමුදා භට පිරිස් වලට අයත් විශාල ප්‍රමාණයක් අද දින පී.සී.ආර්.පරීක්ෂණවලට භාජනය වූ බව කටුනායක ගුවන් තොටුපළ ප්‍රකාශකවරයෙකු සඳහන් කළා.

කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් 19 දින මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 466 දෙනා අතරින් , මේ වනවිට නීරෝධායනය වෙමින් සිටින 90 කට පමණ පිරිසකට කොරෝනා ආසාදනය වීම නිසා මෙම පියවර ගෙන තිබෙනවා.

More News