Tuesday, May 26, 2020

Written on

අම්බලන්ගොඩ මහා විදියේ වෙළඳ සැල් 3 ක් ගිනි ගනී!

අම්බලන්ගොඩ මහා විදියේ වෙළඳ සැල් 3 ක අද (26) අලුයම ගින්නක් හට ගෙන තිබේ.

පසුව ගාල්ල ගිනි නිවන හමුදාව පැමිණ උදැසන 5.30 පමණ වන විට ගින්න මුළුමනින්ම නිවා දමා තිබේ.

අම්බලන්ගොඩ මහා විදියේ විදුලි උපකරන අලවි සැලක ගින්න හට ගෙන යාබද රෙදි අලෙවිසැලක් සහ සුපිරි වෙලඳ සැලක්ද ගිනි ගෙන ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි. 

අම්බලන්ගොඩ නගර සභව, පොලිසිය ප්‍රදේශවාසින් සමඟ ගින්න නිවිමට උත්සා දරා පසුව ගාල්ල ගිනි නිවන ඒකකයේ නිලධාරින් ගින්න නිවා දමා තිබේ. 

වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලීසිය සිදු කරයි.


More News